indian-varient

ඉන්දියාව තුළ මේ වනවිට ව්‍යාප්තව පවතින COVID-19 වෛරසයේ නව ප්‍රභේදය මේ වනවිට තවත් රටවල් 17කදී හමුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම නව ප්‍රභේදය B.1.617 ලෙස නම් කර තිබේ. 

ප්‍රථම වරට ඉන්දියාව තුළින් හමු වූ මෙම නව ප්‍රභේදය සතුව ඉතාමත් වේගවත් ව්‍යාප්තියක් සහ දරුණු ආසාදිත බවක් පැවතීම ඉන්දියාවේ තත්වය බරපතළ කිරීමටද හේතු වී තිබේ. මෙහිදී එම B.1.617 නව ප්‍රභේදය සතුවන තවත් එකිනෙකට සුළු වශයෙන්වෙනස් විකෘතිතා සහිත ලක්ෂණ පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. ඒ අනුව මෙම නව ප්‍රභේදය වෛරසයේ මුල් අවස්ථාව හා සැසදීමේදී වඩාත් භයානක තත්වයෙන් ඉහළ බවත්, එය ඉක්මනින් ව්‍යාප්තවීම සහ මාරාන්තික බව වැඩිවීම ඊට හේතුව බව එම සංවිධානය පවසයි.