
ඊජිප්තුවේ සූවස් ඇළ අධිකාරිය විසින් පසුගිය සතියේ එම ඇළ මාර්ගය අවහිර කරමින් සිරවූ යෝධ බහාලුම්
නෞකාවක් වූ එවර් ගිවන් වෙතින් ඩොලර් බිලියනයක් ඉක්මවූ වන්දියක් ඉල්ලා සිටියි.
මෙම දැවැන්ත නෞකාවක ඇළ මාර්ගයේ සිරවී සතියකට ආසන්න කාලයක් තිබීම නිසා යාත්‍රා කිරීම අවහිර
කිරීමෙන් සිදුවූ පාඩුව ලෙස මෙම වන්දිය ඉල්ලා සිටිය හැකි බව ඇළ අධිකාරියේ සභාපති ඔසාමා රබී පැවසීය.
ඒ අනුව මෙම වන්දිය ලබාගැනීම ඊජිප්තු රාජ්‍යයේ අයිතියක් බවත් එය අත් නොහරින බවත් හෙතෙම
වැඩිදුරටත් සඳහන් කළේය.
ටොන් 224,000ක පැනමා ධජය රැගත් මෙම නෞකාව මාර්තු 23 වැනි දින ඇළ මාර්ගයේ සිරවූ අතර,
ඉන් දින හයකට පසු නෙදර්ලන්ත සමාගමක් ඇතුළු ආයතන රැසක උපකාරයෙන් නෞකාව ඉන් මුදාගැනීමට
හැකි විය.
එහිදී ඇළ අධිකාරිය ඉල්ලා සිටින වන්දි මුදල දින 6ක නාවික අත්හිටුවීම නිසා ඇති වූ මූල්‍යමය පාඩු
සඳහා පමණක් නොව, ඩ්‍රෙජර් සහ ටග්යාත්‍රා භාවිත කිරීමේ වියදම් සහ ගැලවීමේ ක්‍රියාවලියේදී
සිදුවූ භෞතික හානිය ද ඇතුළත් බව රබී වැඩිදුරටත් පැහැදිලි කළේය.
නරේන් විශ්වජිත්
Comments
Post a Comment
Your comment will be visible after approval