elon-musk-monkey

එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වන එලෝන් මස්ක් විසින් ආරම්භ කරන ලද Neuralink ව්‍යාපෘතිය යටතේ මොළය තුළ පරිගණක චිපයක් සවිකළවඳුරා මේ වනවිට වීඩියෝ ක්‍රීඩාවන්හි නිරත වෙමින් සිටින බව වාර්තා වෙයි.මෙහිදී Macaque විශේෂයට අයත් මෙම වදුරා Pager නමින් හැඳින්වෙයි.  ඌ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි එම සමාගමේ මූලස්ථානයේදී මෙලෙස ක්‍රීඩාවේ නිරත වන ආකාරය දැක්වෙන විනාඩි 3ක වීඩීයෝවක් නිකුත් කරමින් සමාගම මේ පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ. Neuralink සමාගමට අනුව මෙම වදුරාගේ මොළයේ දෙපැත්තටම කුඩා පරිගණක චිප සවිකර ඇත. ඉතාමත් සාර්ථක ලෙස ජෝයිස්ටිකය හසුරුවමින් ඌ වීඩියෝ ක්‍රීඩාවේ නිරත වන ආකාරය මෙම වීඩියෝවේ සටහන්ව ඇත. ඉලෙක්ට්‍රෝඩ 2000කට වඩා වැඩි ප්‍රමාණයකින් සමන්විත මෙම චිපය මගින් වදුරාගේ මොළය සහ උගේ අත් එකිනෙක සම්බන්ධ කරන බවත්, ඒ හරහා දෑතෙහි ක්‍රියාකාරකම් පාලනය සිදු කරන බවත් සමාගම පවසයි.මෙම Neuraling සමාගම හරහා සිදුකරන මෙවැනි අත්හදා බැලීම් හරහා ඉදිරියේදී Alzheimer's රෝගය, ඩිමෙන්ෂියා සහ කොඳුනාරටිය හා සම්බන්ධ ආබාධ ඇතුළු ස්නායු හා සම්බන්ධ රෝගී තත්වයන් සුව කිරීම සඳහා දායකත්වය ලබාගත හැකි බව එහි සම නිර්මාතෘ එලෝන් මස්ක් වැඩිදුරටත් පවසා සිටියි. එසේම මිනිසා කෘත්‍රිම බුද්ධිය සමග සම්බන්ධ කිරීමත් මෙහි එක් අරමුණකි.