
කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ විද්‍යා හා ගණිත අංශ පුළුල් කිරීම සඳහා බප/ජය ශ්‍රී විජයරාම මහා විද්‍යාලයේ ගොඩනැගිලි සහ ඉඩම පවරා දීමට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.
දේවි බාලිකා විද්‍යාලයේ උසස් පෙළ ගණිත හා විද්‍යා අංශ පුළුල් කිරීම සඳහා අවශ්‍ය වන අලුත්වැඩියාවන් සහ වැඩිදියුණු කිරීම් සිදු කිරීමට රජයේ මුදල් වැය නොවන බවත්, මෙරට පෞද්ගලික ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා සහ ඔහුගේ භාර්යාවට අයත් ධම්මික ප්‍රෙෂිලා පදනම මගින් රුපියල් මිලියන 100ක් යෙදවීමට එකඟ වී ඇති බවත් වාර්තා වේ. දැනට බප/ජය ශ්‍රී විජයාරාම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 71 දෙනා සඳහා සී.එම්.එස් ශ්‍රී ජයවර්ධපුර විද්‍යාලයට හෝ දෙමාපිය අභිමතය පරිදි කලාපය තුළ වෙනත් පාසලක් ලබා දීමටද යෝජිතය. එමෙන්ම සී.එම්.එස් ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයට ඇතුළත් වන සිසුන් සඳහා ඉදිරි වර්ෂ දෙකක් තුළ නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දීමට ධම්මික ප්‍රෙෂිලා පදනම එකඟ වී ඇති බව වාර්තා වේ.
(නවෝද්‍යා පවනි)
Comments
Post a Comment
Your comment will be visible after approval