
දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ එකම පවුලේ පස්දෙනෙකුට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බවට ඇන්ටිජන් පරික්ෂාවේදී ඊයේ (21) තහවුරුවූ බව හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මෙම පස්දෙනා කෝවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට සැලසුම් කර ඇති බවද සෞඛ්‍ය අංශ සදහන් කරයි.
මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා ජෛව සාම්පල ලබාගැනීමේ කටයුතු කරමින් පවතින බවද හපුතල් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
-එස්.පී. නානායක්කාර-