covid19-isolation

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ හුදෙකලා කෙරෙන ප්‍රදේශ ඉදිරියේදී වැඩි විය හැකි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ සම්බන්ධයෙන් යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ කීය.


‘ලෝකෙ තත්වය සමග ලංකාවේ වෙනස් ප්‍රභේද පවතින බවට සැක පැවතීමක් නිසා දැන් ඒ ගැන ලංකාවෙ සෞඛ්‍ය අංශ මගින් පරීක්ෂණ කෙරෙනවා ඕනෑම ස්ථානයක පැතිරීම වැඩි බවට සෞඛ්‍ය අංශ තහවුරු කිරීමක් සිදු කළොත් ක්‍රියාන්විත මධ්‍යස්ථානය කිසිදු පැකිළීමකින් තොරව එම ප්‍රදේශ හුදෙකලා කිරීමට පියවර ගන්නවා. බුද්ධි අංශ හමුදාව පොලිසිය එකතුවී ඒ ගැන සැලකිල්ලක් ඉන් අනතුරුව දක්වනවා.
ඉදිරියේදී යම් යම් ප්‍රදේශවල හුදෙකලාවීම් වැඩිවීමට ඉඩ තිබෙනවා.
පසුගිය සති දෙක තුළ හැසිරුණ ආකාරයට ජනතාවට ඉදිරි දිනවල හැසිරීමට හැකියාවක් නැති අතර තවත් සතියකින් දෙකකින් තත්වය ගැන නැවත විමසා වඩාත් ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග වලට ජනතාවට යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. වෙසක් උත්සවය පෙර පරිදි සමරන්න මෙවර අවස්ථාවක් අහිමිවනු ඇතැයි සිතෙනවා.‘