caroline-jurie-speaks

ඇත්තටම කැරොලයින් කියන්නේ කවුද?
කැරොලයින් කියන්නේ හැමදෙකටම ready කෙනෙක්. strong personality තියෙන ඕන  දෙකට මුණ දෙන්න ලැස්තියි.

කැරොලයින් මේ පැජනට් එක දිනන්න කලින් කැරොලයින් කරපු වෘත්තීන් මොනවද? කැරොලයින් කොයි වගේ background එකකින්ද එන්නේ?

මම ඉපදුනේ කඳානේ. මම පවුලේ හතර වැනියා. ලොකු පවුලක්. අයියලා දෙන්නයි , අක්කියි, නංගියි ඉන්නේ. මම තරුණ කාලේ කටාර් ගියා. එතන මම අවුරුදු දෙකක් වැඩ කරා. as customer service international brand එකේ. එතන ඉවර වෙලා මම ඩුබායි ගියා. එ කාලේ ඉඳන් මම හරි ආසයි පැජනට් කරන්න. කොහාමහරි මම ඩුබායි වැඩ කරා අවුරුදු තුනක්. පැය නමයක් එක දිගට හිටගෙන ඉන්නත් ඕනේ. එතන පුටු දෙන්නේ නැ. මට මගේ husband හම්බ වුනේ ඩුබායි වලදි. එයා එහා පැත්තේ shop එකේ මම මෙහා පැත්තේ shop එකේ. මම කවදාවත් හිතුවේ නැ එයා ලංකාවේ කියලා. එයා හිතලත් නැ මම ලංකාවේ කියලා. ඊටපස්සේ එහෙම Set වෙලා අපි Marry කලා.



මම එතකනුත් වර්ජින් එකේ වැඩ කරේ. මම ඊටපස්සේ pregnant වුනා. මට එතකොට හිටගන්න වුනා පැය 9ක්. මට හරි අමාරු වුනා. මගේ කකුල් ඉදිමුනා. මට ඊටපස්සේ water bag එකේ ප්‍රශ්නයක් තිබ්බා. මම දැන් deliver කරන්න ගියේ ඩුබායිනේ. අර code එක බාබාගේ බෙල්ල උඩ හිරවෙලා එයා stuck වෙලා හිටියා. ඊටපස්සේ මම බයවෙලා ලංකාවට ගියා. කොච්චර වුනත් අම්මලා ගාව safe නේ තනියම ඉන්නවට වඩා.

 ඊටපස්සේ බාබාව හම්බ වුනේ දෙසැම්බර් 21. මම හරියටම ජනවාරි 21 අයිත් මම ඩුබායි ගියා. හරි දුකයි. මම අපේ අම්මාට දීලා මම ගියා visa ප්‍රශ්නයක් නිසා. ඊටපස්සේ visa එක හම්බ වුනා. බාබාගේ visa ත් apply කරන්න ඕන හින්දා මම ගිහිල්ලා බාබව අරන් ආවා.


ඊටපස්සේ පැජනට් වලට යද්දී mr chandimal තමයි mrs sri lanka national director. මම බඳිත්දීත් එයා තමයි මගේ makeup කරේ. මම ඒ කාලේ ඉඳන් එයා add කරා Facebook එකේ. ඊටපස්සේ 2018 එයා post එකක් දැම්මා mrs sri lanka audition එක කියලා photos ටික දැම්මා. මම ඊටපස්සේ මැසෙජ් එකක් දැම්මා චන්දිමාල් මට  මේ පැජන්ට් එකට එන්න පුළුවන්ද? එයා ඇහුවා හෙට එනන් පුළුවන්ද ඔයාට කියලා. මම කිව්වා මම ඩුබායි ඉන්නේ කියලා. ඊටපස්සේ husband කිව්වා එක ප්‍රශ්නයක් නැ ඔයා 2019 try කරන්න කියලා. මම pregnant වෙලා ඉන්න කාලේ 80kg. ඊටපසසේ කෙහොමහරි workout කරා, diet කරා. 62 වලට ඊළට බැස්සා. පාඩම් කරා. ඊළට 2019 වලට ready වෙලා හොඳට prepare වුනා. මම එත් job එකෙන් අයින් වුනේ නැ.


සමහර mrs sri lanka හෝ miss sri lanka පැජනට් වලින් දිනන කට්ටිය කොහොමත් filed එකේ ඉන්න අය. හැබැයි කැරොලයින් කියන්නේ කෙලින්ම filed එකට අලුතින්ම ආපු කෙනෙක්. එක රැයින් මෙහෙම ප්‍රසිද්ධ වෙනකොට කොහොමද එක ඔයාට දැනුනේ?
මම මේ filed එකට අලුත්ම කෙනෙක්. මම ගොඩක් මහන්සි වෙලා ඇත්තටම කට්ට කාලා ආවානේ.. ඉතිං මම ගොඩක් සතුටු වුනා.


ශ්‍රි ලංකාවට නිදහස ලැබුණු වර්ෂය මොකද්ද?
1948

ශ්‍රි ලංකාවේ ජාතික පුෂ්පය?
මානෙල්

ශ්‍රි ලංකාවේ ජාතික පක්ෂියා?
වළි කුකුළා

ශ්‍රි ලංකාවේ උසම කන්ද?
පිඳුරුතලාගල

ශ්‍රි ලංකාවේ දිගම ගඟ?
i dont know...

කැරොලයින් ජූරි කියන්නේ ඇත්ත නමද?
ඕව්...

දැන් ගොඩක් පැජන්ට්ස් වල ලංකාවේ වෙන දෙයක් තමයි සල්ලි වලට crown එක විකිණෙන එක. ඔයාගේ පැජන්ට් එකෙත් මෙහෙම දෙයක් වුනාද?

මම ගිය පැජන්ට් එකේ එහෙම දෙයක් වුනේ නැ. මගේ පැජන්ට් එකේ දන්න ප්‍රසිද්ධ දෙන්නෙකුත් හිටියා. මමයි එතන හිටිය කට්ටියයි බය වුනා. අපි හිතුවා මෙයා තමයි winner කියලා. but මම ගොඩක්ම surprise වුනා එක වුනේ නැ. මම winner වුනා. හරිකෙනා තෝරපු හින්දා තමයි මම Mrs. world title එක ගෙනාවේ.miss sri lanka චන්දිමාල් කරන පැජන්ට් එකේ there is no faveration. ඒ මම කියන්නේ මගේ experience හින්දා.

ගොඩක් beauty queens ලා නැත්තම් රංගන ශිල්පිනියන්  endorse කරනවා සමහර product specially skin whitening එහෙම නැත්තම් glowing කියයි.. එක එක ජාතියේ මාකටින් ටෙක්නික්ස් එක්ක එගොල්ලන් endorse කරනවා  ගොඩක් product. කැරොලයින්ටත් මේ වගේ brands endorse කරන්න කියලා තියෙනවාද?

ඔව් තියෙනවා. but මගේ තියෙන එකම දේ beauty වෙන්න සුදු පාට හමක් ඕන වෙන්නේ නැ. specially young generation එක යන ප්‍රේෂර් එක මොනවාද?ඔළුවට පාඩම් වලට වඩා මාව සමාජ අශ්‍රය කරන්න මගේ skin එක සුදු වෙන්න ඕනේ.අම්මලා වුනත් ආදර්ශය දෙන්නේ නැත්තම් අම්මලා වුනත් උගන්වන්න ඕන අපේ හමට අපි ආදරය කරන්න ඕනේ. මම ඩුබායි ඉද්දි පිට forignersලා අපේ colour වලට මාර ආසයි.එයාලා beach වලට යනවා කළු වෙන්න අපේ colour එක ගන්න. සුදු වෙනවා කියන එක ලස්සන නෙමෙයි. inner beauty එක තමයි ගොඩක් වැදගත්.



දැන් කැරොලයින් world title equator කෙනෙක් හැටියට ඕනම කෙනෙක්ට ආදරය කරන අය වගේම සමහර කොටස් ඉන්නවා එක එක විදියේ නරක comments සහ විරුද්ධව ?

 public figure වුනාම එක භාර ගන්න ඕනේ. මම ගොඩක් strong character කෙනෙක්. මම එහෙම comments දැක්කම මගේ ඔළුවට එන්නේ මමනේ දන්නේ මම කොච්චර suffer කරලාද ආවේ ඔයා හිටියේ නැනේ.. මම බලන්නේ positive විදියට. public figure වුනාම එක අපිට එන දෙයක්. මම සමාන්‍යයෙන් husband ට කතා කරලා කියනවා එක්කෝ මම එක positive විදියට ගන්නවා. නැත්තම් අත ඇරලා දානවා..

කැරොලයින්ගේ එකතරා video එකක් තිබ්බා කැරොලයින් husband ගැන ගොඩක් ආදරෙන් කතා කරනවා.. husband ගෙන් permission අරගෙන තමයි මේ පැජන්ට් එකට ආවේ කියලා. එකේ සමහරු comment කරලා තියෙනවා ඇයි මේ  husband ට යටහත් පහත් වෙලා ඉන්නේ ඇයි එයාගේ permission එක ඕනේ ඔයාගේ දේවල් කරන්න කියලා?

මොකද මට ඕනේ හොඳ family life එකක්. husband තමයි මට යන්නත් කිව්වේ.එක හින්දා මම එකට respect කරනවා. පැජනට් එකෙන් දිනලා මම Mrs. world වුනා කියලා දැන් ඔයා යන්න මට ඔයා ඕනේ නැ කියලා අයින් කරන්න ඕනේ නැ. එයා හින්දා තමයි අද මම මේ තැන ඉන්නේ. මම කොච්චර එළි ගියාත් ගෙදර ආවාම මට husband එක්ක ඉන්න ඕනේ..එක තමයි මම මගේ දරුවටත් දෙන ආදර්ශය. මම husband ට ගරු කරන්නෙ එයා මට කරපු දේවල් හින්දා.