
ආසන 53කින් යුත් මගී සේවයේ යොදවන වයිකින් වර්ගයේ විශාල බස් රියක් මහාමාර්ගයේ ධාවනය කළ
පහළොස් හැවිරිදි පාසල් සිසුවකු මිද්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සිසුවාට බස්රිය ධාවනය කිරීමට ඉඩකඩ සලසා දුන් ඔහුගේ පියාටද නීතිමය කටයුතු කිරීමට මිද්දෙණිය
පොලිසිය පියවර ගෙන ඇත.
වීරකැටියේ සිට මිද්දෙණිය දක්වා මෙම බස්රිය ධාවනය කරමින් පැමිණි පහළොස් හැවිරිදි මෙම පාසල්
සිසුවා මිද්දෙණිය නගරයේ රථවාහන පරීක්ෂාවේ යෙදී සිටි නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.
පසුව කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ඔහු පාසල් වියේ පසුවන අ.පො.ස. සාමාන්‍ය පෙළට මුහුණ
දුන් පහළොස් හැවිරිදි සිසුවකු බවය. එම නිසා ඔහු සතුව රිය බලපත්‍රයක් හෝ තිබී නැත.
පසුව පොලිසිය මේ සම්බන්ධයෙන් බස් රියේ හිමිකරු වූ සිසුවාගේ පියා පොලිසියට කැඳවා ඔහුගෙන්ද
ප්‍රකාශ ලබාගෙන පොලිස් ඇප මත දෙදෙනාම මුදාහැර ඇත්තේ ලබන සඳුදින වලස්මුල්ල අධිකරණයේ පෙනී
සිටින ලෙස පවසමින්ය.
බාල වයස්කාර හා බලපත්‍රයක් නොමැති අයකුට බස්රියක් ධාවනය කිරීමට ඉඩ සැලැස්වීම මත සිසුවාගේ
පියාට චෝදනා එල්ල කළ පොලිසිය වලංගු රිය බලපත්‍රයක් නොමැතිව බසය ධාවනය කිරීමේ වරදට
සැකකාර සිසුවාට චෝදනා ගොනුකර ඇත.
මිද්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේරත්න වීරප්පුලි මහතාගේ උපදෙස් මත
වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙනු ඇත.
කීර්ති මෙන්ඩිස්
Comments
Post a Comment
Your comment will be visible after approval