
“සෞඛ්‍ය රෙගුලාසි” හේතු කරගෙන අද දිවයින පුරා ශාඛා 23 ක් වසා දමා ඇති බව ලංකා බැංකුව පවසයි.
ශාඛා වසා දැමීම සිදු වූයේ බැංකු කාර්ය මණ්ඩලය අතර COVID19 රෝගීන් 70 ක් වාර්තා කර ඇති බැවින් යයි වාර්තාවේ.
උත්සව සමයෙන් පසු පසුගිය සතියේ බැංකු මූලස්ථානයේ සේවකයින් 50 ක් ඇතුලුව 70 කට වැඩි පිරිසක් ධනාත්මක වූ බව දැනගන්නට තිබේ.
කෙසේ නමුත් ලංකා බැංකුව ඔවුන්ගේ ශාඛා ජාලයෙන් රෝගීන් වාර්තාවීම් ගණන පිළිබඳව මෙතෙක් කිසිවක් ප්‍රසිද්ධ කර නොමැත.
ශාඛා වසා දැමීම පිළිබඳ BOC සමාජ මාධ්‍ය හරහා දැන්වීමක් පළ කර ඇති අතර පළාත් 7 ක ශාඛා 23 ක් ඒ අනුව වසා දමා තිබේ.
සෞඛ්‍ය තත්වයන් මත පදනම්ව විවෘතව ඇති සමහර ශාඛා විවෘත කරන වේලාවන් වෙනස්විය හැකි බවද දන්වා ඇත.
නිවේදනය පහත පරිදිය.

Comments
Post a Comment
Your comment will be visible after approval