එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පසුගිය 19වැනිදා සැලකිය යුතු ලෙස අධිප්‍රමාණය වූ රුපියල, දින දෙකකට පසුව ඊයේ (21දා) දිනයේදී යළිත් කඩාවැටී ඇත්තේ ඩොලරයේ විකුණුම් ම්ල රුපියල් 200ක සීමාවද ඉත්මවා යමිනි. පසුගිය 19වැනිදා .ඩොලරයේ විකුණුම් මිල රුපියල් 191.97ක් ලෙස රුපියලේ සැලකිය යුතු අධිප්‍රමාණය වීමක් වාර්තා වූයේ, ඒ වනවිටත් එය රුපියල් 205කට ආසන්නව අවප්‍රමාණය වී තිබූ පසුබිමකය. 

එනමුදු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 200.90ක් ලෙස ඊයේ (21දා දිනයේදී රුපියල යළි කඩාවැටීමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දත්ත සටහන පෙන්වා දෙයි. විශේෂයෙන්ම පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් හිස්වීම රුපියල ශක්තිමත් වීම කෙරෙහි බලපෑමක් ඇතිකර තිබුණු අතර, රජයේ පාර්ශ්වයද රුපියල ශක්තිමත් වීම සම්බන්ධයෙන් ධනාත්මක අදහස් පළ කළේය. කෙසේ වෙතත් මෙරට විදේශ සංචිත දුර්වල වීමේ තත්වයට වඩාත් පිළිබිඹු කරමින් මේ ආකාරයෙන් රුපියල යළිත් සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී තිබේ. මේ අතර ඊයේ (21දා) දිනයේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 195.10ක් ලෙස සටහන්ව තිබේ.

 (මනීෂා චන්ද්‍රගුප්ත)