
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත සතොස අලෙවිසැල් ජාලය හරහා ක්‍රියාත්මක වන "සතොස සහන මල්ල" පිළිබඳ මාධ්‍ය හමුවක් අද දින වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 27ක මිළ අඩු කර පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ ව්‍යාපෘතිය එලෙසම ක්‍රියාත්මක වන අතරතුර මෙම සහන මල්ල ලබා දීමේ වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට හැකි වීම තුළින් ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 12ක් රුපියල් දහසක් වැනි මුදලකට ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.
වෙළෙඳ අමාත්‍යාංශය හා සතොස පිළිබඳව විශ්වාසය පළ කරමින් පාරිභෝගික ජනතාව සතොස හරහා භාණ්ඩ මිළට ගැනීමට කටයුතු කිරීම තුළ මෙවැනි වැඩසටනක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලද බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
පසුගිය වසර පහක් තුළ මෙරට ආර්ථිකය සීඝ්‍ර කඩාවැටීමකට ලක් කළ යහපාලන ආණ්ඩුව විසින් පැනවූ විවිධ ආකාරයේ බදු වර්ග අඩු කිරීමට වත්මන් රජය විසින් කටයුතු කළ බවත්, කුමන බාධා එල්ල වුවද ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා රට මෙහෙයවමින් මහජනතාවට සහන සැලසීමට මෙවැනි ක්‍රමවේද සැකසීමට ද වත්මන් රජය පසුබට නොවන බව අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කරන ලදී.
ඒ අනුව රතු කැකුළු, සුදු කැකුළු, නාඩු, සුදු සීනි, රතු පරිප්පු, පාන් පිටි, ලුණු, හාල්මැස්සන්, කෑලි මිරිස්, සෝයා මීට්, තේ කොළ, මුහුණු ආවරණ යන භාණ්ඩ වර්ග මෙම සහන මල්ලට ඇතුළත් වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී.




Comments
Post a Comment
Your comment will be visible after approval