
චීනයේ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග් මහතා නිල සංචාරයක් සදහා ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම සංචාරය සදහා මෙතෙක් දින තීන්දු වී නැතත් අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු එම සංචාරය සිදුවනු ඇති බව චීන රජය තහවුරු කොට තිබේ.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ රජයේ ඉහළ නිලධාරීන් මුණගැසී සාකච්ජා පැවැත්වීමටද චීන ආරක්ෂක අමාත්‍යවරයා සැලසුම් කර ඇත.
රාජපක්ෂ පාලනය යළි පිහිටුවීමෙන් පසු චීන රජයෙන් ලංකාවට පැමිණෙන දෙවන ඉහළම රාජ්‍ය නිලධාරියා වන්නේ චීන ආරක්ෂක අමාත්‍යවරයාය.
මීට පෙර ඉකුත් ඔක්තෝබර් මාසයේදී චීන ඉහළ පෙළ රාජ්‍යතාන්ත්‍රිකයකු වන යැන්ග් ජිචෙයි මහතා ලංකාවට පැමිණ තිබිණ.
Comments
Post a Comment
Your comment will be visible after approval