එංගලන්තයේ දෙවන එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් අද දින අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බකිංහැම් මාළිගාව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඔහු මියයන විට 99 හැවිරිදි වියේ පසුවූ බවය.
පිලිප් කුමරු මෑතකදී හෘද රෝගයකින් පෙළුණ අතර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබුණි. සැත්කමකින් පසු මාසයක් පමණ රෝහලේ රැඳී සිටීමෙන් පසු ඔහු මාර්තු මාසයේදී නැවත නිවසට පැමිණියේය.
එඩින්බරෝ ආදිපාදවරයා ලෙසද හඳුන්වන පිලිප් අභාවප්‍රාප්ත වන අවස්ථාවේදී වින්ඩ්සර් මාලිගයේ සිටියේය.


1921 දී කෝර්ෆු දූපතේ ඔහු උපත ලැබුවේය.
 1947 දී එවකට එලිසබෙත් කුමරිය සමඟ විවාහ විය. විවාහ වනවිට ඔහුට වයස අවුරුදු 26කි ඇයට වයස අවුරුදු 21 කි.
ඔවුනට දාව චාල්ස්, ඇන්ඩෘ හා එඩ්වඩ් යන පුතුන්ද ඈන් නමින් දියණියකද ඉපදුණි.
පිලිප් කුමරුගේ අභාවය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් රැසක් සොව පළ කරමින් පණිවුඩ නිකුත් කර තිබේ.
රාජකීය අභාවය සම්බන්ධයෙන් සාම්ප්‍රදායික නිවේදනය බකිංහැම් මාළිගය ඉදිරිපස පුවරුවෙහි සටහන් තබන ලද අතර රට වැසියන් මල් කළඹ තබා සොව පළ කිරීම දැනටමත් අරඹා අත.