
ධාවනය වෙමින් තිබූ පාසල් වෑන් රථයක හදිසියේම දොර විවෘතවීමෙන් ඉන් ඇදවැටුණු වයස අවුරුදු පහක පෙර පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වැල්ලවාය ඇල්ල මාර්ගයේ හුණුකැටිය හංදිය ප්‍රදේශයේ දී අද (25) දහවල් එම අවාසනාවන්ත අනතුර සිදුව තිබුණි.
අදාළ වෑන් රථය, පෙර පාසල් නිමාවී යළි නිවෙස් බලා යන ළමුන් ප්‍රවාහනය කරමින් සිට තිබේ.
අනතුරෙන් මියගොස් ඇත්තේ පරගහ ආරාව, ඌව කරඳගොල්ල, ඇල්ල ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 5 වන අනුහස් නමැති දරුවෙකි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත්කර ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් සිටි බව වැල්ලවාය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
අනතුර සම්බන්ධයෙන් වැන් රථයේ රියදුරු වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval