weligepola-incident

මෙරට ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය ආයතනයකින් තෑගි ලබා දෙන පවසමින් කාන්තාවන් ඇතුළු දසදෙනෙකුගෙන් මුදල් වංචා කළ සැකකරුවෙකු ඊයේ (03දා) සවස අත්අඩංගුවට ගත් බව වැලිගෙපොළ පොලීසිය පවසයි.  42 හැවිරිදි සැකකරු කතරගම,

ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරු, මාධ්‍ය ආයතනයකින් අමතන බව පවසා බලංගොඩ, වැලිගම්පොළ ප්‍රදේශයේ කාන්තාවකට ලක්ෂ ගණනක ත්‍යාගයක් ලැබී ඇති බවත් එම ත්‍යගය ලබාදීම සදහා කතරගම ප්‍රදේශයේ ඇති රාජ්‍ය බැංකුවකට රුපියල් 10,000ක මුදලක් බැර කරන ලෙසද මොහු විසින් දන්වා ඇති දක්වා ඇති බවත්,එම කාත්තාව එම මුදල සැකකරු විසින් ලබාදුන් බැංකු ගිණුමට දමා ඇති අතර සති කිහිපයක් ගත වුවද ඒ සම්බන්ධයෙන් කිසිම තොරතුරක් නොමැතිකමෙන් එම මුදල් අහිමිවූ කාත්තාව වැලිගම්පොළ පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබේ.මේ සම්බන්ධයෙන් ඉතා සූක්‍ෂම ලෙස පරීක්ෂණ ආරම්භ කර ඇති වැලිගම්පොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඒ.එල්.කේ. හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

(රාස්සගල සම්පත්)