sea sand construction

රටේ වැලි අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉදිරියේදී රජයේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ගැඹුරු මුහුදේ වැලි සපයා ගැනීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.



ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (04 වැනිදා) දින පරිසර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

පරිසර අමාත්‍යාංශය ඇතුළු තවත් අදාළ ආයතන විසින් සිදු කළ සමීක්ෂණයකින් මෙරට දැනට පවතින ගංගාශ්‍රිත වැලි ප්‍රමාණවත් වන්නේ 2023 වසර දක්වා පමණක් බව සොයාගෙන ඇත.

විකල්ප මාර්ග ඔස්සේ වැලි සපයා ගැනීමට රජයේ අවධානය යොමු වී ඇති බව පැවසූ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ පහත් බිම් සංවර්ධන අධිකාරිය විසින් මෙය ක්‍රියාත්මක කරන බවයි.