nobel-peace-prize-sri-lanka

2021නොබෙල් සාම ත්‍යාගතය වෙනුවෙන් මේ දක්වා නාමයෝජනා 329ක් ඉදිරිපත්ව ඇතැයි නෝර්වේහි නුවර පිහිටි නොබෙල් කමිටුව පවසයි. ඒ අනුව මෙහිදී තනි පුද්ගලයන් 234 දෙනෙකු සහ සංවිධාන 95ක නම් නිර්දේශ කෙරි ඇතැයි එම කමිටුවේ ලේකම් ඔලාවි ජොඑල්ස්ටාඩි සඳහන් කර සිටියි."මෙය එතෙක් මෙතෙක් වාර්තා වූ තෙවැනි වැඩිම නාමයෝජනා සංඛ්‍යාවයි” ඔහු පවසයි.  මෙතෙක් නොබෙල් සාම ත්‍යාගය සඳහා වැඩිම නාමයෝජනා සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ 2016 වසරේදී වන අතර එය නාමයෝජනා 376කි.විශේෂයෙන්ම ලොව පුරා වාර්තා වන මානව හිමිකම් පිළිබඳ කාරණා මෙලෙස නොබෙල් සාම ත්‍යාගය සඳහා ඉදිරිපත් කරන නාමයෝජනා සංඛ්‍යාව ඉහළ යාමට හේතුව බව ලේකම්වරයා සඳහන් කරයි. "මෙයින් නිරූපණය වෙනවා නොබෙල් සාම ත්‍යාගය සඳහා වන ජාත්‍යන්තර අවධානය කොතරම්ද කියලා.

ඒ වගේම තවමත් ලොව පුරා නොවිසඳුණු ගැටුම්, යුද්ධ සහ මානව හිමිකම් පිළිබඳ කාරණාත් මේ හරහා නිරූපණය වනවා." ඔහු පවසයි.කෙසේ වෙතත් මෙහිදී කවර අයෙකු මේ වසරේදී නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා වී ඇත්දැයි යන්න එම කටුව වෙතින් අනාවරණ කර නැත.දැනට පවතින වාර්තාවලට අනුව රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නාවාල්නි, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ස්වීඩනයේ පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා ඉහළින්ම නිර්දේශ වී ඇති පිරිස් වෙයි. එසේම ලොව දුප්පත් රටවලට covid-19 එන්නත් ලබා දෙන covax වැඩටහනද මේ සඳහා නිර්දේශ වී ඇත.

මීට අමතරව දේශසීමා නැති වාර්තනාකරුවන්, හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ බෑණා වන ජෙරාඩ් කුෂ්නර් සහ ඔහුගේ දෙවැනියා වන අවි බෙර්කොවිට්ස් යන පිරිසද ඊශ්‍රායලය සහ අරාබි රාජ්‍යයන් අතර ඇති කරගත් සබඳතා සම්බන්ධයෙන් මෙම සාම ත්‍යාගය වෙනුවෙන් නිර්දේශ කර ඇත. 2021 වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම පිළිබඳ නිවේදනය ලබන ඔක්තෝම්බර් මාසයේදී සිදුකෙරෙන අතර, එම කටුවේ සාමාජිකයන් පස් දෙනෙකුගේ පළමු වැනි හමුවීම පසුගිය සිකුරාදා පැවැත් වී තිබේ. එසේම ඉදිරියේදී මාසයකට වරක් ඔවුන් මෙලෙස රැස්වී අදාළ නාම යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.