
කළුතර දිස්ත්‍රික්යේ මේ වනවිට ඩෙංගු හා මීඋණ පැතිරීමේ අවදානම වැඩි වී ඇතැයි, කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සමන් ගීගනගේ මහතා පැවැසීය. මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා වයිරසය පැතිරිම දිනකට 3- 4 සිට උපරිමය 10 දක්වා අඩුවී ඇති බවත්, සෞඛ්‍ය අංශවල දැඩි කැපවීම හා ජනතාව නිසි පරිදි සෞඛ්‍ය ආරකෂිත ක්‍රමවේදයක් අනුගමනය කිරිමට හුරුවීම ප්‍රධාන හේතුව ලෙස දැක්විය හැකි බවත් ගීගනගේ මහතා කීය.
වියළි කාලගුණික තත්ත්වය අවසන්වී යම්තාක් දුරට වැසි සහිත කාලගුණ තත්ත්වය මත, කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් යම්තාක් දුරට වැඩිවීමේ ප්‍රවනතාව නිසා ඉදිරියේ දී, වර්ෂාව සමඟ ඩෙංගු මදුරුවන් බෝවීමේ ස්ථාන බහුල වීමෙන් එය වඩාත් පුළුල් ලෙස පැතිරිමට ඉඩකඩ වැඩිවිය හැකි බව කීය. මේ වනවිට පානදුර හා දොඩංගොඩ කලාපවල ඩෙංගු රෝගීන් බහුලව ඇති බවට වාර්තා වී ඇතැයි ද පැවැසීය. මීට සාපේක්‍ෂව මෙම දිස්ත්‍රික්කයේ, මී උණ රෝගීන් වැඩීවීමේ ප්‍රවණතාවයක් ඇතිවී ඇති අතර, කුඹුරු අස්වැන්න නෙළීම සඳහා ගොවීන් කුඹුරට බැසීමේ දී මී උණ රෝගය වැළැක්වීමට දෙනු ලබන ප්‍රතිකාර පිළිබඳ ගොවි ජනතාව උනන්දු නොවීම මීට ප්‍රධානතම හේතුව ලෙස සැලකිය හැකි බවත්, මේ තත්වය බණ්ඩාරගම හා මතුගම කලාපයේ බහුලව දැකිය හැකි බවත් පැවැසීය.
කළුතර දිස්ත්‍රික්කයේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් 5893ක් ලෙසත්, ඩෙංගු රෝගීන් 132 ක් ලෙසත්, මී උණ රෝගීන් 71 ක් ලෙසත් වාර්තා වී ඇති බව කීය. කෙසේ වෙතත් මෙම උත්සවය සමයේ ජනතාව කඩසාප්පු කරා යාම හා ගැවසීම හැකිතාක් දුරට අඩුකරන ලෙසත්, එමඟින් කොරෝනා වයිරස රෝගය පාලනය කරගත හැකි ලෙසත්, මෙම වර්ෂා සමයේ ඩෙංගු මදුරු කීටයන් බහුලව ඇති තම ගෙවතුවල ස්ථාන හරි හැටි හඳුනාගෙන විනාශ කරන ලෙසත් දන්වා ඇත.
-දයා හේමන්ත සිල්වා -
Comments
Post a Comment
Your comment will be visible after approval