
කොළඹ – වේල්ල විදිය පොලිස් වසමේ ගෑස්පහ හන්දිය ආසන්න මාර්ගයක තිබී කාන්තා මළ සිරුරක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙයි.
අද දින සවස 2.30 ට පමණ පොලිසියට ලැබුණ ඔත්තුවකින් හෙලිව ඇත්තේ කළුපාට විශාල බෑගයක් අයිතිකරුවෙකු නැතිව අතැර දමා ඇති බවත් ඒ ගැන සොයා බලන ලෙසත්ය. පොලිසිය පැමිණ මාර්ගයේ අයිනේ තිබු එකී ගමන් බෑගය පරික්ෂා කිරීමේදී ඒ තුල පොලිතීන් උරයක බහාලන ලද මළ සිරුර හමුව ඇති බව වාර්තා කර තිබේ.
මෙම මළ සිරුර කාන්තාවකගේ බවත් එම කාන්තාවගේ අනන්‍යතාවය පිළිබඳ තොරතුරු මෙතෙක් ලැබී නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටියි.
මේ ගැන පශ්චාත් පරීක්ෂණයක් හා විමර්ශනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දන්වා ඇත.
මේ ගැන මාධ්‍ය ප්‍රකාශක දැන්වූ විස්තර හඩපටය පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval