vaccine-death

කොරෝනා මර්දන එන්නත ලබාගැනීමෙන් දින දෙකකට පසුවත් උණ තත්වයන් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද පැවසුවේය.


ලංකාවේදී කොරෝනා එන්නත් ගත් දෙදෙනකු පසුව මියයාම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදුකරන බව ද හේමන්ත හේරත් මහතා සදහන් කළේය.

    “මේ අයගේ මරණය සිදුවුණේ එන්නත නිසා ද කියලා අපි විමර්ශනය කරගෙන යනවා. එන්නතක් ලබාදුන්නාට පසු ඇතිවන්න පුළුවන් අතුරු ආබාධ සම්බන්ධයෙන් ලෝකයේ පිළිගත් ක්‍රමවේද තියෙනවා, ඒවා විමර්ශනය කරන්න. ඒ අනුව තොරතුරු ඉදිරිපත් කරන්න අපිට හැකිවේවි. එතෙක් අපිට කියන්න පුළුවන් වන්නේ එන්නත දීම නිසා සිදුවූ මරණයක් නෙමෙයි කියලයි.”