china-virus-passport

COVID-19 වසංගත තත්වය මධ්‍යයේ වුවද චීන ජාතිකයන් සඳහා ජාත්‍යන්තර සංචරණයන්හි යෙදීමේ අවස්ථාව ලබාදෙන විශේෂ ගුවන් ගමන් බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නට චීනය පියවර ගෙන ඇතැයි පවසයි. 

අන්තර්ජාලය හරහා ඩවුන්ලෝඩ් කර ගත හැකි සහතික පත්‍රයක් ලෙස ක්‍රියාත්මක වන මෙය වෛරස ගුවන් ගමන් බලපත්‍රය ලෙස හැදින්වෙයි. ඒ අනුව චීන ජාතිකයන්ට සිය රටට ඇතුළු වීමේදී හෝ පිටවීමේදී මෙම සහතික පත්‍රය සිය වෛරස ගුවන් ගමන් බලපත්‍රය ලෙස යොදා ගැනීමේ අවස්ථාව හිමිවන බව බලධාරින් සදහන් කරයි. මෙය එතෙක් මෙතෙක් ලොව වෙත හදුන්වා දුන් පළමු වැනි වෛරස ගුවන් ගමන් බලපත්‍රය ලෙසින්ද සැලකෙන අතර, මේ වනවිටත් එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය තුළදීද මෙවැනි ක්‍රමවේදයක් පිළිබඳව සාකච්ඡා කෙරෙමින් පවතී..චීන බලධාරීන්ට අනුව මේ දක්වා මෙම ක්‍රමවේදය භාවිත කළ හැක්කේ චීන පුරවැසියන්ට පමණකි. එසේම මෙම ක්‍රමවේදය ජාත්‍යන්තරව කෙසේ ක්‍රියාත්මක වන්ද යන්න පිළිබදවද මෙතෙක් පැහැදිලි නැත.