කොවිඩ් ආසාදිත රෝගීන් දසදෙනකු වාර්තා හේතුවෙන් බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය දින හතරකට වසා දැමූ බව කොළඹ දිස්ත්‍රික්  ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවැසිය.  බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ  වෙළෙඳුන් තිස් දෙදෙනකුට කළ පීසීආර් පරික්ෂණයේදී දස දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමූ බව ඔහු කීවේය.




හඳුනාගත් ආසාදිතයන් අතර එළවළු, පලතුරු සහ විවිධ වෙළඳාමේ යෙදෙන පුද්ගලයන් වන බවද හෙතෙම සඳහන් කළේය.   ආර්ථික මධ්‍යස්ථානය විෂබීජ හරණය කිරීමෙන් පසුව ලබන සඳුදා එය නැවත විවෘත කිරීමට  බලාපොරොත්තු වන බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය. ආර්ථික මධ්‍යස්ථානයේ සියලු වෙළෙඳුන් සඳහා අද (05) දිනයේ පීසීආර් පරික්ෂණ කරන බවද ඔහු කීවේය.


 -තරංගනී ෆොන්සේකා-