adani

කොළඹ දකුණු වරාය බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගම සමඟ සංවර්ධනය කිරීමට කැබිනට්
අනුමැතිය හිමිවී තිබේ.
 


ඒ අනුව ශ්‍රී  ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය - පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක
කාලයක් සඳහා සංවර්ධනය කර ක්‍රියාත්මක කොට ආපසු භාරදීමේ පදනම යටතේ මෙය අදාළ සමාගම
වෙත ලබාදීමට පියවර ගෙන ඇත.

Adani Ports and Special Economic Zone Limited (APSEZ Consortium) ඉදිරිපත්
කළ යෝජනාව සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී ඇති අතර එහිදී ජපන් රජය විසින්
කිසිදු ආයෝජකයකු නම් කර නොමැත.

දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡා පදනම් කරගෙන අමාත්‍ය
මණ්ඩලය විසින් ඉදිරිපත් කරන නිර්දේශය පරිදි ඉහත කී සමාගම සහ එම සමාගමේ දේශීය නියෝජිත වන
John Keels Holding PLC හා ශ්‍රී  ලංකා වරාය අධිකාරිය එක්ව මෙසේ රාජ්‍ය - පෞද්ගලික
ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කොට ක්‍රියාත්මක කිරීම සිදුකරනු ඇත.

පෙරේදා (01දා) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සඳහා අනුමැතිය ලබාදී තිබේ.