
මිල අධික පොල්තෙල් වෙනුවට ආදේශකයක් ලෙස සෝයා බෝංචි තෙල් හඳුන්වා දීමටත්, ලංකා සතොස සහ සමුපකාර ජාලය හරහා සෝයා බෝංචි තෙල් අඩු මිලට බෙදා හැරීමටත් පියවර ගෙන ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
සෞඛ්‍යයට අහිතකර පොල්තෙල් තොගයක් ආනයනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පොල්තෙල් තොගයක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව අමාත්‍යවරයා පැවසීය.
"කිසිදු පැමිණිල්ලක් ලැබී නැතත්, මිනිස් සිරුරට හානිකර වන පොල්තෙල් තොග පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස මම පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් දී ඇත්තෙමි."
ඔහු කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval