badulla-bus-accident

 3pm

  අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 32කට තුවාල සිදුව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

10 am

 පස්සර බස් රථය ප්‍රපාතයකට පෙරලීමෙන් දාහතර දෙනෙකු මිය ගොස් තිස් එක් දෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය දැන් වාර්තා කරයි.

9.25am
 මෙම අනතුරින් මියගිය ගණන 13 දක්වා ඉහළ ගොස් ඇති බවද තුවාල කරුවන් ගණන 31 දක්වා ඉහළ ගොස් ඇති බවද  පොලිසිය දන්වා ඇත.

9am

අද  (20) උදෑසන  7.15 ට පමණ බදුල්ල පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමේ සිද්ධියක් වාර්තා විය. 



ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් මාර්ගයේ ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව  20 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි.
ලිස්සායාම රියදුරුට පාලනය කරගන්නට බැරිව ගිය පසු බස් රථය අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවද පොලීසිය සඳහන් කර තිබේ.

අනතුරේ ඡායාරූප හා වීඩියෝ මෙතැනින්
See pictures and video of this accident HERE