
ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබේ.
ඊයේ (13) රාත්‍රීයේ අසාද් සාලි මහතා අදාළ ප්‍රකාශය ලබාදී ඇති බව වාර්තාව්.
මෙරට නීතිය සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයක් අසාද් සාලි මහතා විසින් පසුගියදා සිදුකළ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත් වී තිබුණි.
මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ සඳහන් කළේ අදාළ ප්‍රකාශය පිළිබඳව ආසාද් සාලි මහතාගෙන් විමසීමක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවය.
කෙසේ වෙතත් තමන් ඕනෑම අවස්ථාවක පොලීසිය ඉදිරියේ පෙනී සිටින බව කුරුඳුවත්ත පොලීසියට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අසාද් සාලි මහතා ප්‍රකාශ කළේය.
“මම හිතනවා මේ රටේ නීතියක් තියෙනවා. එක රටේ එක නීතියක් නම් ඒක හරියට ක්‍රියාත්මක වෙන්න එපැයි. ඒක තියෙනවා කියලා මම හිතනවා. මේ පැමිණිලි දාන මිනිස්සු කවුද කියලා බලන්න ඕනේ,” යනුවෙන් ද ඔහු පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval