wimal-mahinda

මහින්ද රාජපක්ෂයන් 'කළ නොහැක්කක් නොමැත' යන විශ්වාසය ජාතියේ රුධිරයට කාන්දු කළ දශකයක් නිර්මාණය කළ බවත් ඒ මහා අත්තිවාරම මත හිඳගෙන අද අපට රටක් ලෙස 'Made in Sri Lanka' සන්නාමය බලගැන්වීමට හැකි බවට ආත්ම විශ්වාසය ගොඩනැගී ඇති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා  

'Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශනය 2021' අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමෙන් අනතුරුව එම උත්සව සභාව අමතමින් කියා සිටියේය.
මේ දිනවල මහින්ද විමල් අතර ආරෝවක් ඇතිව තිබෙන බවට වාර්තා පළවන අතරේ ඔහු මෙසේ කීය.



"ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමා 2005 දී ජනාධිපති ධුරයට පත්වීමත් සමඟම ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන චින්තනයේ විශාල පෙරළියකට මුල පිරුවා. 'කළ නොහැක්කක් නොමැත' කියන ධෛර්ය සම්පන්න හැඟීම මුළුමහත් ජාතියටම එන්නත් කළා. 'පරාජය කරන්න බැහැ කියූ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කරලා පෙන්නුවා. ඒ වගේම දේශීයත්වයට මුල් තැන දෙමින් 'අපේ රටේ ආර්ථිකය ජාතිකත්වය සමග මුසු කොට ගොඩනැගිය හැකියි' යන විශ්වාසය 2005 සිට 2015 මුල දක්වා ඔබතුමා ගොඩනගලා පෙන්වූවා. හම්බන්තොට වරාය ජාතියට දායාද කළා. කොළඹ වරාය ආශ්‍රිත වරාය නගරය ගොඩනැගීම ආරම්භ කළා. එමගින් රටේ භූමියට මෙතෙක් නොතිබුණු භූමි ප්‍රමාණයක් එක් කළා. විදුලි බලාගාර අලුතෙන් නිර්මාණය කළා.

එමගින් ජාතික විදුලිබල අවශ්‍යතාවෙන් 90%කට වඩා සංතෘප්ත කළ හැකි තත්ත්වයක් ඇති කළා. ආර්ථිකය, වර්ධන වේගය අතින් 6% ඉක්මවන තත්වයකට අරගෙන යන්න පුළුවන්කම ඇති කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් ගෙවුණු ඒ දශකය, අවසානයේ මේ රටේ සමාජ, ආර්ථික, දේශපාලන ඉතිහාස කතාවේ ඉතා මනරම් පරිච්ඡේදයක් ලෙස ලියවුණා."

wimal-mahinda

wimal-mahinda