udari-act-indira-karu-daughter

මීට වසර කිහිපයකට පෙර  විදෙස්ගතව සිටියදී මරණයට පත්වූ හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ පිළිකා රෝගයෙන් පීඩාවිඳි කණිටු දියණිය ඉන්දිරාගේ කතාව සිනමාවට නිර්මාණය වී තිබේ.
මරණාසන්න කාලයේ විදේශ ප්‍රධාන මාධ්‍ය වල පවා ඇය ගැන ප්‍රවෘත්ති පළවිය. එයට හේතුවූයේ ඇයගේ මරණය පරිතයාගය සමග මුසුවූ කතාවක් වීමයි.


ඉන්දිරාගේ කතාව සුවිශේෂී වූයේ ඇය ගැබිණියකව සිටියදී පිළිකා රෝග තත්වය දැනගැනීමෙන් පසු ඇයට නිර්දේශ කළ ඖෂධ දරු ගැබට හානියක් වන බව දැනගැනීම නිසා ඒවා නොගෙන දරුවා ආරක්ෂා කරගන්නට උනන්දුවීමත් තමාගේ ජීවිතය මරණය කරා යන ගමන ඉක්මණ්වීම දැන දැන ජීවිතය අත්හැරීමට කළ පරිත්‍යාගයත්ය. ඇගේ බලාපොරොත්තුව පරිදි දරුවා නිරෝගීව ලැබුණ අතර ඇය මියගියාය.
මෙම කතාව මාතෘත්වයේ පරිත්‍යාගශීලීත්වය සම්බන්ධ කම්පිත සංසිද්ධියකි. මෙම කතාව සජීව පුෂ්පකුමාර විසින් චිත්‍රපටයට නගා ඇති අතර එහි ඉන්දිරා ලෙස රඟපාන්නේ සිනමා නිළි උදාරි චාමිකා වර්ණකුලසූරියයි.
පුවත්පතකට අදහස් දක්වා ඇති උදාරි ඒ චිත්‍රපටය ගැන මෙසේ කියන්නීය.
‘මේක ඉතා සුවිශේෂි චරිතයක්. මමත් අධ්‍යක්ෂවරයාත් අංග රචනා ශිල්පියාත් ඉන්දිරාගේ වැඩිමල් සොයුරිය වන ලංකා මහත්මිය හමුවී ඉන්දිරා මහත්මියගේ විශිෂ්ට පුදුමාකාර කැපකිරීම ගැන සියලු දේ දැනගෙන තමයි මේ චරිතය ගොඩනැගුවේ. ඇය මරණයට මුහුණදුන් සැහැල්ලු නිර්භීත ආකාරය විශ්මය ජනකයි.

මේ සියලු කාරණා එම චරිතයට අනුගතවීමට උපකාරී වුණා. එසේම ඇගේ අවසාන කාලයේ ස්වරූපය විශිෂ්ට ලෙස මැවීමට අංග රචනා ශිල්පී නාරද තොටගමුව දැක්වූ දක්ෂතාවය විශ්මයජනකයි. ඉන්දිරාගේ චරිතය ප්‍රතිනිර්මාණය කිරීමට එයත් මට උදව් වුණා.අධ්‍යක්ෂ සංජීවගේ ඇකඩමික් දැනුම විශේෂයි. ඔහුගේ අධ්‍යක්ෂණ ක්‍රමවේදය මට වෙනස් අත්දැකීමක් ගෙන දුන්නා'


udari-act-indira-karu-daughter

udari-act-indira-karu-daughter

udari-act-indira-karu-daughter