dhammika-kegalle

ඉන්දියාවෙන් නොමිලේ ලැබුණ කොරෝනා එන්නත් ලක්ෂ 6 ක සාම්පල තොගය දැන් අවසන් වන්නට ආසන්නය.
නැවත එන්නත් විශාල තොගයක් ඉල්ලුම් කරන බවටද වාර්තා පළවේ.


මේ අතර ලංකාවට කොරෝනා එන්නත් නැති කාලයේ ධම්මික පැණිය කරළියට ආ අතර ඒ් වෙනුවෙන් දහස් සංඛ්‍යාත ජනතාව පෝලිම් සැදී කෑගල්ල වෙත පියනැගූහ.

 ධම්මික පැණිය අනුමත කරමින් ඒ ගැන ප්‍රවර්ධන කතා පැවැත්වූ මහාචාර්ය චන්න ජයසුමන දැන් වැඩබලන සෞඛ්‍ය ඇමතිවරයාය.ඔහු සම්බන්ධිත රජරට විශ්ව විද්‍යාලය ධම්මික පැණිය පරීක්ෂා කර වර්ණනාවක්ද කර තිබුණි. මේ අනුව කොරෝනා එන්නත තවම නොලැබුණ මිලියන දහනමය හමාරක්වූ ජනතාවගෙන් කොටසකට හෝ ධම්මික පැණිය හදුන්වා  දීම ඔහුගේ යුතුකමකි. මහාචාර්ය නලින් ද සිල්වාත් ඒම පැණිය බෙදාහැරීමට වැඩපිලිවෙලක් අවශ්‍ය බව දන්වා තිබුණි.

නමුත් අද ධම්මික පැණිය ගැන දෙරණ හෝ වෙනත් මාධ්‍ය කතා නොකරයි. දෙරණ ධම්මික ගැන කතාකරද්දී උකුසු බිත්තර හා ගංජා මුසුකළ රාවණා පැණියක් ගැන අයිටීඒන් කතා කරත් දැන් ඒ්වාද නැත.
කොරෝනා එන්නත ලංකාවට ලැබෙන තුරු තාවකාලිකව ජනතාවගේ සැනසීමට නිර්මාණය කළ 'ඩ්‍රාමා' එකක් ලෙස ධම්මික පැණිය ඇතැමුන්  හදුන්වා තිබූ  අතර ඒ කතාව දැන් සැබෑවෙමින් පවතී.