uae-space-project

එක්සත් අරාබි එමීරයේ අඟහරු මෙහෙයුම යටතේ ගුවන්ගත කෙරුණු අභ්‍යවකාශ යානය මගින් ලබාගත් අඟහරු ග්‍රහයාගේ පළමු වැනී ඡායාරූපය පසුගිය ඉරිදා දිනයේදී ප්‍රසිද්ධියට පත් කෙරිණි. මේ වනවිට එම යානය අඟහරු ග්‍රහයාගේ කක්ෂය වටා භ්‍රමණය වෙමින්  පවතී.





එක්සත් අරාබි එමීරයේ අභ්‍යාවකාශ ඒජන්සියට අනුව පසුගිය බදාදා දිනයේදී මෙම ඡායාරූපය ලබාගෙන තිබේ. මෙම ඡායාරූපය තුළ අඟහරු ග්‍රහයා මතට වැටෙන සුර්යා ලෝකය පතිතවන ආකාරයත්, අගහරුගේ උත්තරධ්‍රැවය මෙන්ම එහි පිහිටි දැවැන්තම් ගිනිකන්ද වන ඔලිම්පස් මොන්ස් කන්ද දැකගත හැකිය.අරාබි රාජ්‍යයක් විසින් අගහරු ග්‍රහයා වෙත සිදුකරන ලද පළමු වැනි මෙහෙයුම ලෙසද මෙය සැලකෙයි. ගුවන්ගත කර මාස හතක ගමනකින් අනතුරුව, පසුගිය අඟහරුවාදා දිනයේදී මෙම යානය අඟහරු කක්ෂයට ඇතුළු විය. එම අවස්ථාව වනවිට යානය පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 494ක දුරක් ගෙවා තිබුණි. මෙම යානය මගින් අඟහරු ග්‍රහයාගේ වායුගෝලය සහ දේශගුණික තත්වයන් පිළිබඳ තොරතුරු පෘතුවිය වෙත එවීම සැලසුම වී තිබේ.

එක්සත් අරාබි එමීරය හුදෙක් බොරතෙල් මත පදනම් නොවී සිය විද්‍යානත්මක සහ තාක්ෂණික හැකියාවන් දියුණු කිරිමේ උත්සාහයේ තවත් එක් අවස්ථාවක් ලස මෙම මෙහෙයුම හඳුන්වාදී තිබේ. ඒ අනුව අඟහරු ග්‍රහයා වෙත ළඟා වූ පස්වැනි රට බවටත් ඔවුන් පත්ව ඇත. එසේම වසර 2117 වනවිට අඟහරු ග්‍රහයා මත වාසස්ථාන බිහි කිරීමටත් එමීරය සූදානමින් සිටියි.