
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිතව සිටි 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු තංගල්ල වගේගොඩ ප්‍රදේශයේ අමුණකින් දියනෑමට ගොස් පෙරේදා 15 වැනිදා පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ තංගල්ල පොළොම්මාරුව ආදර්ශ විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි ඩබ්ලිව්. කේ. රිසිත් සන්දීපන (16) නම් ශිෂ්‍යයකු බව පොලිසිය කියයි.තංගල්ල නලගම පදිංචි මෙම ශිෂ්‍යයා සිය බාල සහෝදරයා සහ යහළුවකු සමග තංගල්ල වගේගොඩ ප්‍රදේශයේ අමුණකින් දියනෑමට ගොස් ඇති අතර, ඔහු එක්වර දියට පැන මඩෙහි එරී ඇතැයි තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.
ප්‍රදේශවාසීන් පැමිණ පාසල් ශිෂ්‍ය බේරාගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වී ඇත.පාසල් ශිෂ්‍යයාගේ දේහය තංගල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ 16 වැනිදා සිදුකිරීමට නියමිතව තිබිණි. තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වජිර ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් පරිදි මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකෙරේ
(සිටිනාමළුව - අනීෂා මානගේ)
Comments
Post a Comment
Your comment will be visible after approval