තමන් කෝවිඩ් -19 එන්නත ලබාගත්තේම මාධ්‍යවේදීන්ට ඇති බිය නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය.ඔහු මේ බව පවසා සිටියේ බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී ඊයේ (17දා) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් යොමු කරන ලද ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමිනි.


ඒ අනුව මාධ්‍යවේදීන්ටද අදාළ එන්නත ලබාදීම ආරම්භ කරන බව මන්ත්‍රීවරයා එහිදී පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී.දිසානායක මහතා
"මම නම් ඉජෙක්ෂන් එක ගත්තේ මාධ්‍යවේදීන්ට තියෙන බය හින්දා. මොකද මාධ්‍යවේදීන් පිස්සො වගේ ඇවිල්ලා මයික් ගහලා අල්ලනවා. කාර් එකේ ඉද්දිත් එක එක ප්‍රශ්න අහනවා. ඒ නිසා මම හරි බයයි මාධ්‍යවේදීන්ට. මම කෝවිඩ් එන්නත ගත්තේම මාධ්‍යවේදීන්ට තියෙන බය නිසා. මාධ්‍යවේදීන්ට එන්නත දෙන්න දැන් පටන් ගන්නවා. ඒතකොට දෙගොල්ලොම ආරක්ෂා වෙනවා”
යනුවෙන් පැවසීය.


 (නිදර්ශනී වික්‍රමසිංහ)