rayan-neththikumara-death

පසුගිය 25 වනදා කොල්ලුපිටියේ ඩර්ඩන්ස් රෝහලේ ඉහළ මහළකින් පැන මියගිය කෝටිපති ව්‍යාපාරික පුතුගේ මරණය සැක සහිත බවට කරුණු වාර්තාවී ඇති අතර ඒ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී තීබේ.


කොළඹ සුප්‍රකට සලාකා සෙන්කඩ සමූහ ව්‍යාපාරයේ හිමිකරු ගාමිණී නෙත්තිකුමාරගේ හා ප්‍රකට ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක වන සුධර්මා නෙත්තිකුමාරගේ පුත්‍රයා වන 31 හැවිරිදි රයන් නෙත්තිකුමාර මෙලෙස දිවි හානි කරගෙන තිබුණි.
මෙම තරුණයා කාලයක් තිස්සේ නින්ද නොයාමේ රෝගයක් වෙනුවෙන් ප්‍රතිකාර ගනිමින් සිට ඇති අතර මානසික අවපීඩන තත්වයට ඖෂධ ලබා ගනිමින් සිට ඇත. එය සුව නොවීම හේතුවෙන් සිද්ධිය වූ දිනයේ ඔහුගේ පෙම්වතියද සමග රෝහලේ නැවතී ප්‍රතිකාර ලබාගැනීමට ගිය බව පැවසේ.
ඔහුට එහිදී කිසියම් ඖෂධයක් ලබාදීමෙන් ටික වේලාවකට පසු හදිසියේම නාන කාමරයට ගොස් එහි ජනේලයකින් බිමට පැන තිබෙන අතර ඔහු 10 වන තට්ටුවේ සිට 5 වන තට්ටුව වෙත වැටී ඇත.ඔහු එතැනම මියගොස් තිබේ.
 ඔහු නානකාමරයට ගිය පසුව අතුරුදන්වීම ගැන රෝහලේ කාමරයේ සිට ඇති පෙම්වතිය කලබලයෙන් සොයා ඇති අතර සිද්ධිය දැන ගැනීමෙන් පසුව ඇය මරළතෝනි දෙමින් දස අතේ දිවගොස් තිබෙන බවත් වාර්තා වෙයි.


පසුගිය 25 වනදා සිදුවූ මෙම සිද්ධිය සියදිවි හානිකරගැනීමක් ආකාරයට පෙනී යන හෙයින් මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ මරණ පරීක්ෂණයක් සිදු කිරීමට කොල්ලුපිටිය පොලිසිය කටයුතු යොදන ලදි.
මේ අතර මියගිය රයන් නෙත්තිකුමාරගේ පාර්ශ්වයෙන් කියා ඇත්තේ ඔහුට සියදිවිනසාගැනීමකට කිසිදු අවශ්‍යතාවක් හෝ හදිසි හේතුවක් සොයාගන්නට බැරි බවයි. මෙම තරුණයාට මානසික අවපීඩනයට ලබාදුන් බෙහෙත අධි මාත්‍රාවකින් ලබාදී ඇති බවට සැකකරන බැවින් ඒ ගැන වැඩිදුර සොයාබලන ලෙස ඉල්ලා ඇත.
මරණය සම්බන්ධ අවිනිශ්චිත කරුණු ගණනාවක් පැවති හෙයින්  පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර ඒ ගැන පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරන ලදි. ඒ අනුව වැඩිදුර විමර්ශනයක් සිදුකරන්නට පොලිසියට නියෝග ලැබී තිබේ.

සලාකා සෙන්කඩ සමූහ ව්‍යාපාරයේ හිමිකරු ගාමිණී නෙත්තිකුමාර හා ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර මේ වනවිට විවාහයෙන් වෙන්වී සිටින අතර මියගිය රයන් සිටියේ පියා සමගිනි. ඔහු ඔවුනගේ වැඩිමල් පුත්‍රයාය.ඔවුනට දාව තවත් දියණියක පමණක් සිටී.