
COVID-19 තර්ජනය හේතුවෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටුවා ඇති බව කොමසාරිස් සනත් බී පුජිත මහතා දන්වා තිබේ.
සෞන්දර්යාත්මක විෂයයන් සඳහා අත්‍යවශ්‍ය ප්‍රායෝගික විභාග පැවැත්වීම සඳහා විකල්ප පියවර ගන්නා බව ඔහු පවසා තිබේ.
ෙඅමාත්‍යාංශ ලේකම් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාසල පදනම් කරගත් ප්‍රායෝගික විභාග සඳහා ලකුණු ලබා දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට තීරණය වී ිතබේ.
තක්සේරු වැඩසටහන (SBA) නමින් හඳුන්වන ඒ මගින් 10 ශ්‍රේණියේ අවස්ථා තුනකදී සහ 11 ශ්‍රේණියේ අවස්ථා දෙකක දී ලබාගත් ලකුණු විභාග ප්‍රතිඵල ලෙස සලකා විභාග දෙපාර්තමේන්තුවට යැවිය යුතුය.
මෙම ක්‍රමයට අදාළ චක්‍රලේඛ දැනටමත් සියලුම පාසල් විදුහල්පතිවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත යවා ඇත.
2021 මාර්තු 1 සිට 11 දක්වා පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග සඳහා දිනයන්ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නැවත සකස් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval