
පුද්ගලයන් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කඳවුරු චාරිකාවක නියැළී සිටියදී මඩොල්සිම පුංචි ලෝකාන්තයේ දී 6 වන සෙනසුරාදා රාත්‍රීයේ පුද්ගලයෙකු අතුරුදන්විය. මහ වැස්ස හා දැඩි මීදුම නිසා පිරිස අතරමංවීමෙන් පසු ඔවුන් පැමිණි වාහනයට වෙන්වෙන්ව ගමන්කරන ලද පිරිස අතර එක් අයෙකු අඩු බව දැනගැනීම සමග මෙම අතුරුදන්වීම හඳුනාගන්නට ලැබී ඇත.වෛද්‍යවරුන් 6 දෙනෙකුද මෙම කණ්ඩායමට එක්ව සිටි බව පැවසේ.
අතුරුදන් පුද්ගලයා මුංහේන මග්ගොන කලුතර පදිංචි දිනුර විජේසුන්දර (34) නැමැත්තෙකි.
පසුව වාර්තාවූයේ ඔහු මහරාජා මාධ්‍ය ජාලයේ විඩියෝ ඇනිමේෂන් නිර්මාණ ශිල්පියෙකු බවයි. ඔහු සොයා ගැනීමට මඩොල්සිම , බිබිල සහ ලුනුගල පොලිසි ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් අරඹා ඇති අතර යුද හමුදාව ද කැඳවා තිබුණි. පුංචි ලෝකාන්තය නැරඹීමට පැමිණ එහි රාත්‍රිය ගත කිරීමේදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණපා තිබේ.
07 ඉරිදා සන්ධ්‍යාව වනවිටත් ඔහු හමුවී නැත. මීදුම් තත්ත්වය හේතුවෙන් මෙහෙයුමට බාධා ඇතිවූ අතර එය 08 වනදාටද කල් දැමීමට සිදුවිය.
Comments
Post a Comment
Your comment will be visible after approval