malaria sri lanka

අප්‍රිකානු රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි තිදෙනෙකු මැලේරියා රෝගයට ගොදුරුව ඇති බවට මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප‍්‍රසාද් රණවීර ප්‍රකාශ කර සිටියි.මොවුන් බියගම, හොරණ සහ බේරුවල ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති


ඔවුන් තිදෙනා නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටියදී කළ රුධිර පටල පරීක්‍ෂාවේදී මැලේරියා රෝගීන් බවට තහවුරු නොවූ නමුත් නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යෑමෙන් අනතුරුව කළ රුධිර පටල පරීක්‍ෂාවේදී මැලේරියා රෝගීන් බව හඳුනාගෙන ඇත.
මෙරටට පැමිණෙන සෑම පුද්ගලයකුම පළමු රුධිර පටල පරීක්ෂාවෙන් පසුව මාස 03 වරක් මාස 06ට වරක් සහ වසරකට වරක් රුධිර පටල පරීක්‍ෂාවක් කරගතයුතු බවත් මිනිස් සිරුරේ අක්මාව තුළ මැලේරියා පරපෝෂිතයා වසරක් යනතුරු ජීවත් වන බවත් වෛද්‍යවරයා පැහැදිලි කර ඇත.