kalatara-money-busshist

කපිලවස්තුපුර සර්වඥ ධාතුන් වහන්සේලා තැත්පත් කීරිමට යැයි පවසමින් මෝටර් රථයක ඩිකියේ කරඬුවක් තබා ගනිමින් මුදල් එකකු කරමින් සිටි පිරිසක් වාද්දුවේ තරුණයන් පිරිසක් එකතු වී බාරදුන් බව කළුතර උතුර පොලිසිය කියයි.

එම පිරිස අතර සිවුරු දරාගත් පුද්ගලයකුද සිටින බව පොලිසිය කීය. කපිලවස්තුපුර සර්වඥ ධාතූන් වහන්සේලා ළඟදීම තම විහාරයට වැඩම කරන බවත් එම ධාතූන් වහන්සේලා තැත්පත් කිරීම සඳහා ධාතු මන්දිරයක් ඉදිකිරිමට යැයි පවසා සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ගාල්ලේ සිට පැමිණි මෝටර් රථය හා පිරිස ගැන සැක සිතු වස්කඩුව වාඩිය මංකඩ හන්දියේ තරුණයින් පිරිසක් එම රථය නවතා එම පිරිසගෙන් කරුණු විමසන ලදී.



එම භික්ෂූන් වහන්සේ හා පිරිස දුන් පිළිතුරු ගැන සෑහීමට පත් නොවූ තරුණ පිරිස මේ බව කළුතර උතුර පොලිසියට දැනුම් දීමෙන් පසු එහි පැමිණි නිලධාරින් පිරිස මෙම මෝටර් රථය හා එහි තැන්පත් කරඬුව හා අනෙකුත් ලිපි ලේඛන පරික්ෂාවෙන් පසු මෙය මුදල් එකතු කිරිමේ සංවිධාන පිරිසකගේ වංචනික ක්‍රියාවක් බව වටහා ගැනීමෙන් පසු එම රථය හා පිරිස කළුතර - උතුර පොලිසියේ නිලධාරීන් පොලිසිය වෙත රැගෙන විත් ඔවුන්ගෙන් ප්‍රකාශයක් සටහකර ගනිමින් ඉදිරියට මෙවැනි දේ නොකරන ලෙස පවසා දැඩි ලෙස අවවාද කර භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස මුදාහැරිය බව කළුතර උතුර පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියංක ද සිල්වා මහතා පැවැසීය.



කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු වැඩම කර සිටින වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරාධිපති, අමරපුර සම්බුද්ධ ශාසනෝදය නිකායේ මහා නායක වස්කඩුවේ මහින්ද වංශ නාහිමියන්  පවසා සිටියේ මෙවැනි වංචනික පිරිස් නිසා, ආගම, දහමට විශාල කැළලක් හා නිගරුවක් වන බැවින් මෙම පිරිස ගැන සෙවිල්ලෙන් සිට ඔවුන් පිළිබඳ නිවැරිදි තොරතුරු සොයා පොලිසියට කොටුකර දුන් එම තරුණ පිරිසටත් කළුතර උතුර පොලිසියටත් තම ස්තූතිය පුදකරන බවයි.

 (වාද්දුව දයා හේමන්ත සිල්වා)