imran-khan-sri-lanka

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මෙරට පාර්ලිමේන්තුව ඇමතීම අවලංගු කර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.විදේශ කටයුතු අමාත්‍යශය මේ පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට ඊයේ (16) දැනුම් දී මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ 

වේත්‍රධාරි නරේනද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ විදේශ කටයුතු අමාත්‍යශය එවැනි දැනුම්දීමක් කර ඇති බවයි. පාකිස්තාන අගමැතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමේ අවස්ථාව සඳහාත් ඔහු පාර්ලිමේන්තුවේදී පිළිගැනීම සඳහාත් සියලු කටයුතු සූදානම් කර තිබූ අතර එම ගමන අවලංගු වන්නේ සියලු කටයුතු එසේ සුදානම් කර තිබියදීය.පාකිස්තාන අගමැතිවරයා ලබන 22 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.ඔහු පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබුණේ ලබන 24 වැනිදාය.මෙරට කොරෝනා ව්‍යාප්ත වීමෙන් පසුව මෙරටට පැමිණෙන පළමු විදේශ නායකයා වන්නේ ඉම්රාන් ඛාන් මහතාය..

(සුජිත් හේවාජුලිගේ )