ibbanwala-junction

කොළඹ නගරයේ නිතර පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස
අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ඉදිකරමින් පවතින රථගාල් ‍ෙදාළහ
ව්‍යාපෘතියේ දෙවැනි රථගාල යුනියන් පෙදෙස ඉබ්බන්වල හන්දියේදී ඉදිකිරීමේ කටයුතු අද (10දා)
ඇරැඹීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ “සෞභග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන
ආකාරයට රථවාහන තදබදයට පිළියම් යෙදීමට ඉදිරිපත් කර ඇති යෝජනාවලට අනුව

කොළඹ නගරයේ මෙන්ම
දිවයින පුරා රථවාහන තදබදය පවතින ප්‍රධාන නගරවල නව රථගාල් ඉදිකිරීමට නියමිතයි.

පෙ.ව. 09.00ට පැවැත්වෙන මෙම රථගාල ඉදිකිරීමේ අවස්ථාව නාගරික සංවර්ධන, වෙරළ
සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක
ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ
ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.