government-allowed-covid-death-muslim-request

කොවිඩ් මරණ භූමදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට යොමු කර ඇති බව අද 23 වාර්තා විය.
අමාත්‍ය එස් එම් චන්ද්‍රෙස්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ , සෞඛ්‍ය ඇමති අද ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකදී එය දැනුම් දුන් බවයි.


මීට ඉහත භූමිදානය සිදු කළ නොහැකි බවට වෛද්‍යවරුන් ඇතුළු විද්වතුන්ගේ අදහස් සහිතව කමිටුවක් මගින් තීරණය කළ අතර එය සෞඛ්‍ය ඇමතිතුමිය පාර්ලිමේන්තුවේදී කියවා අදාහනය දෙවරක් තහවුරු කර තිබුණි.
මෙම තීරණය ගැන මුලින්ම මාලදිවයින පවා මවිතය පළ කළ අතර ඔවුන් තම භූමියේ ඉඩක් මුස්ලිම් මරණ වෙනුවෙන් වෙන් කළ හැකි බවට අදහස් දක්වා තිබුණි.
කෙසේ වෙතත් රජය නැවත නැවත ආදාහනය තහවුරු කරද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම තීරණයට එකඟ නොවන බවට වාර්තා පළ කළ අතර එය ජාත්‍යන්තර ගැටලු මතුකරන තත්වයට පත්ව තිබුණි.
ඇතැමුන් චෝදනා කර තිබුනේ ලංකාවේ රජය මහජාතිය දිනාගැනිමේ ජනප්‍රියතාව වෙනුවෙන් තර්කවිරහිත ලෙස මුස්ලිම් දේහ ආදාහනයක් සිදු කරන බවයි.රජය මෙම තීරණය වෙනස් කරන්නට පසුව තීරණය කර ඇති බවක් වාර්තා වෙයි.
පසුගියදා පාර්ලිමේන්තුවේදී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිතුමිය කියා සිටියේ මෘත දේහයන් භූමිදානය නිසා පරිසරයට හානියක් වන බවට තහවුරුවී නැති බවයි. එම අවස්ථාවේ නැගු ප්‍රශ්නයකට අගමැති මහින්ද පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින් භූමිදානයට අවසර දෙන බව කිවූ නමුත් එම ප්‍රකාශය නොපැහැදිලිවීම නිසා ඉන් පසු දිනවල විවිධ අය විවිධ ලෙස එය අර්ථ ගන්වන ලදි.


මේ අතර ලංකාවට පැමිණි මුස්ලිම් රාජ්‍ය නායකයෙකු වූ ඉම්රාන් කාන්ද මේ සම්බන්ධ සාකච්ඡා කළ බව පැවසිණි.
ඔහු ලංකාවට ඇවිත් එය විසඳන බවට මින් ඉහත පකිස්තානු පුවත්පත් පවා වාර්තා කර තිබුණි.
මේ අනුව භූමිදානය සුදුසු නැතැයි  තාක්ෂණික හේතු දැක්වූ  තාක්ෂණික කමිටුව අද එය සුදුසු බවට තාක්ෂණික නොවන ක්‍රමයකට හෝ වෙනයම් උවමනාවකට නිර්දේශ කර ඇත.
එම නිගමනය පිළිගත් බව දක්වමින් අද දිනයේ සවස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සිය පෙර තීරණය වෙනස් කර ඇති අතර ඇගේ අත්සනින් අද රාත්‍රී නිකුත්වන ගැසට් නිවේදනය අනුව  ඉස්ලාම් හෝ වෙනයම් ආගමික ඉල්ලීම් මත කොරෝනා මරණ භූමිදානයට අවසර හිමිවනු ඇත.

News Update
ආදාහනය වෙනුවට භූමිදානය ‍හෝ ආදාහනය කරන්න කියන - නව ගැසට්ටුව මෙන්න