facebook-page-fake-photos

විවිධ පුද්ගලයින් අපහසුතාවයට බඳුන් කරන ඡායාරූප ගණනාවක් මේ දිනවල ෆෙස් බුක් ඔස්සේ හුවමාරුවනු හඳුනාගන්නට ලැබේ.
තරුණයෙකු සමග වැල්ලවත්ත ප්‍රදේශයේ ලැගුම්හලක නැවතී සිටි 24 හැවිරිදි තරුණියක් හදිසියේ මියගොස් තිබෙන බවත් මෙලෙස මියගොස් ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණියක් බවත් ඊයේ වාර්තා විය. මේ අතර ඇගේ ඡායාරූප යයි කියමින් ඡායාරූප කිහිපයක් හා ෆාතිමා ශියානා යන 

මුස්ලිම් නමක් සහිත ඇයට නිවන් සුව පතමින් තැනූ අවමංගල පොස්ටරයක්ද හුවමාරු විය.
වැඩිදුර සොයා බැලීමේදී මෙම මරණ දැන්වීම නිර්මාණාත්මක ව්‍යාජ එකක් බව හෙළිව තිබේ.
එසේම එම මරණ දැන්වීම සකස් කළ අයුරින්ම හිරු ස්ටාර් කිරුළ දිනාගත් උදාර කෞෂල්‍යගේ ඡායාරූපයක්ද ඔහු මියගිය බව දක්වමින් සකසා ෆේස් බුක් ඔස්සේ හුවමාරු කර තිබේ.
මේ අතර ධම්මික පැණිය නිසා ප්‍රසිද්ධවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර බටහිර වෛද්‍යවිද්‍යාවන් සකස් කළ කොරෝනා එන්නතක් විදගන්නා ඡායාරූපයක්ද ව්‍යාජ ලෙස සකසා ෆෙස් බුක් ඔස්සේ හුවමාරුවී තිබෙන අතර එය ප්‍රතික්ෂේප කරමින් ඔහු නිවේදනයක්ද නිකුත් කර තිබුණි.
මෙම ඡායාරූප බොහොමයක් ‘ෆේස් බුක් පේජ් වල රීච්‘ වැඩි කරගැනීමේ පටු අරමුණින් සකස්කළ ඒවා බවද හඳුනාගන්නට ලැබේ.