devani-jayathilake

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කෘෘඬියා සිලනිකා ශාකය පිළිබඳව කටයුතු කිරිමේ දී ගම්පහ දිසා වන අඩවි නිලධාරිනී දේවානි ජයතිලක තම සීමාව ඉක්මවා කටයුතු කරන බව පෙනී යන්නේ යැයි වන ජීවී හා වන සම්පත් අමාත්‍යංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය.   ඇය දිසා වන නිලධාරිනිය වන බවත් වඳවී යාමේ 

තර්ජනයට ලක්ව ඇති කෘෘඬියා  සිලනිකා ශාකය පිළිබඳව කටයුතු කරනු ලබන්නේ වනජීවී හා වෘක්ෂලතා පනතේ 42 වගන්තියේ 8 වැනි උපලේඛනයේ ප්‍රතිපාදනයන්ට අනුව වනජීවී සංරක්ෂණ  දෙපාර්තමේන්තුව මගින් වන බැවින්  ඇය තමන්ට අයත් නොවන කාර්යයකට මැදිහත්වී ඇති බවත්  ලේකම්වරයා කීය.


මෙහි සිදුව ඇත්තේ වන සංරක්ෂණ නිලධාරියකු වෙනත් පනතක කටයුත්තකට මැදිහත්ව තිබීමක් යැයි ද ගැටුම් කළමනාකරණය කළ යුතු රජයේ නිලධාරිනියක් ගැටුම් ඇති කිරිමේ තත්වයක් ඇති කරන බව පෙනී යන්නේ යැයි කී හරිස්චන්ද්‍ර මහතා මේ සම්බන්ධව වන සංරකවරයා යම් පියවරක් ගනු ඇතැයිද කීවේය.  ඇය යම් හෙයකින් එකී ස්ථානයට යන්නේ නම් ඇයට ඉහළ නිලධාරින්ට ඒ බව දන්වා යා යුතු බවත් එහිදී තමන් ප්‍රකාශ කරන්නේ කුමක්ද යන්න ගැන ප්‍රධානීන් දැනුවත් කළ යුතුව තිබූ බවත් හෙතෙම සඳහන් කළේය.  මෙම නිලධාරිනිය සම්බන්ධව චෝදනා ඇතැයි ගම්පහ දිසා ලේකම්වරයාද තමන් වෙත දන්වා ඇති බවද ඔහු සඳහන් කළේය.

-වීනිතා එම්.ගමගේ-