
හෙට (16) දින සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදෙන බව පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ මහතා සඳහන් කළේ සියලුම මන්ත්‍රීවරුන් සදහා හෙට (16) දින කොළඹ හමුදා රෝහලේදී එම එන්නත ලබාදීමට කටයුතු කරන බවයි.
ඒ අනුව 16, 17, 18 සහ 19 යන දිනවලදී කොරෝනා මර්දන එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙනු ඇත.
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතාට පසුගිය දිනෙක ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම සිදුවිය.
Comments
Post a Comment
Your comment will be visible after approval