
ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් වාහනයේ වටිනාකමින් සියයට 80 දක්වා ඉහළ නැංවීමට මහබැංකුව තීරණය කර තිබෙනවා. ඊට අදාළ නියෝගය මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් බැංකු නොවන මූල්‍ය ආයතන වෙත යොමුකර ඇත්තේ පසුගිය 17 වනදාය.
මූල්‍ය ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ නිකුත් කර ඇති අදාළ නියෝගය අනුව, පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහනවලට ඒවායේ වටිනාකමින් සියයට 80 දක්වා මූල්‍ය පහසුකම් ලබා ගත හැකියි.
Comments
Post a Comment
Your comment will be visible after approval