මහනුවර උඩුවෙල මාර්ගයේදී බස්රථයකට යටකිරීමට සලස්වා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි.



ඊයේ (26) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මහනුවර උඩවෙල මාර්ගයේදී වෑන් රථයකින් සහ ත්‍රිරෝද රථයකින් පැමිණි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති අතර එහිදී වෑන් රථයේ සිටි තරුණයෙකුට පහරදී එම තරුණයාව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් දෙසට තල්ලු කර මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක උඩුවෙල ප්‍රදේශයේම පදිංචි තරුණයෙකු බවට වාර්තා විය.