බුර්කාව තහනම් කිරීමට රජය සලකා බලමින් සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.
ඔහු පැවසුවේ බුර්කාව තහනම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවයි. ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු මුහුණු ආවරණ පොදු ස්ථානවල තහනම් කිරීමට රජය අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍යවරයා පැවසීය.


ඔහු කියා සිටියේ මෙම පියවර කිසිදු ප්‍රජාවක් ඉලක්ක කර ගැනීමේ උත්සාහයක් නොවන බවත් එය ජාතික ආරක්ෂාව පිළිබඳ යහපත සඳහා බවත්ය.
මින් ඉහත පාස්තු ප්‍රහාර එල්ලවූ අවස්ථාවේ සයින්දුමර්දු ප්‍රහාරයට කාන්තාවන් සම්බන්ධවූ ආකාරය විමර්ශනය කර 2019 අප්‍රේල් මාසයේ හදිසි නීතිය යටතේ බුර්කාව තාවකාලිකව තහනම් කිරීමට පෙර රජය රෙගුලාසි බලාත්මක කරන ලද නමුත් හදිසි නීතිය අහෝසියත් සමග එම තහනම ඉවත් විය.
මෙම තහනමට මුස්ලිම් පාර්ශ්ව නියෝජනය කරන ප්‍රධාන සංවිධාන වලින් එවක විරෝධයක් එල්ලවූයේ නැත.


මෙහිදී බෝදුරට තහනමට ලක්කරනු ඇත්තේ මුහුණ ඇස් සම්පූර්ණයෙන් වැසෙන බුර්කාව හා ඇස්වල සිහින් පටියක කොටසක් පමණක් විවෘත කර අනෙක් සියල්ල වසන නිකාබ් පමණි. මුහුණ හඳුනාගත හැකි අනෙකුත් වර්ගයේ ඇඳුම් වන හිජාබ් හා චැඩර් වැනි ඇඳම් තහනමට ලක් නොවනු ඇත.