
බොයිං සමාගම මගින් නිපද වූ බොයිං 777 මාදිලියේ යානා සියල්ලම මේ වනවිට ගුවන්ගත කිරීම අත්හිටුවා ඇතැයි එම සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ. සමාගමට අනුව අද වනවිට ලොව පුරා එම මාදිලියේ ගුවන් යානා 128ක් සේවයේ යොදවා තිබී ඇත.
පසුගියදා එක්සත් ජනපදයේ ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට හවායි දක්වා පියාසර කළ යුනයිටඩි එයාලයින්ස් සමාගමේ යානයක එන්ජිමේ හටගත් ගිනිගැනීම මෙම යානා ගමන් අත්හිටුවීමට හේතුව වී තිබේ. ඒ අනුව Pratt Whitney (PW4000) නම් එන්ජින් සහිත මෙම යානා මෙලෙස ගොඩබස්වා තිබෙන බව ප්‍රකාශකයා පවසයි.
එක්සත් ජනපදයේ යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගමට අමතරව, ජපානයේ ඕල් නිපොන් එයාර්වේස්,ජපාන ගුවන් සේවයමෙන්ම දකුණු කොරියාවේ ආසියානා එයාර්ලයින්ස් යන ගුවන් සමාගම් මගින් මෙම බොයිං 777 මාදිලියේ යානා භාවිත කරමින් පැවතුණි. එහිදී මෙම එන්ජින් මාදිලිය සවි නොකෙරුණු බොයිං 777 යානා මෙලෙස ගොඩබැස්සවීමක් සිදුකර නැතැයිද පැවසෙයි.මෙම එන්ජින් ගිනි ගැනීම අවස්ථාවේදී යානය තුළ මගීන් සහ කාර්යමණ්ඩලය ඇතුළු 240කට අධික පිරිසක් සිට ඇත. එම අවස්ථාවේදී යානයෙන් ගිලිහුණු එන්ජිමේ කොටස් ගොඩබිම ස්ථාන කිහිපයකටම පතිත විය. මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ විමර්ශකයන්ගේ පරීක්ෂණ නිමාවට පත්වන තෙක් බොයිං 777 යානා ගොඩබස්සවා තැබීම සුදුසු බව බොයිං සමාගම පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval