
මඩොල්සිම පුංචි ලෝකාන්තය වෙත ගොස් කඳවුරු බැඳි සිටියදී මීදුමට හසුවී අතුරුදන් වූ සිරස පෞද්ගලික මාධ්‍ය ආයතනයේ ත්‍රිමාණ සජීවීකරණ ශිල්පී දිනුර විජේසුන්දර මහතාගේ මළසිරුර අද (09) හමුවිය.
දැඩි මීදුම සහිත අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ වුවද තුන්වන දිනටත් මෙම මෙහෙයුම සඳහා සක්‍රියව සහභාගී වූ යුද්ධ හමුදා විශේෂ බලකා භටපිරිස් මළ සිරුර අද සොයාගනු ලැබූයේ රැෆ්ලින් කඹ ආධාරයෙන් පුංචි ලෝකාන්තයෙන් අඩි 1200 ක් පමණ පහළට බැස සිදු කළ මෙහෙයුමකදීය.
හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසුවේ ගලක් මත රැඳී තිබියදී සිරුර සොයාගත් බවයි. වෛද්‍යවරුන් 6 දෙනෙකු ඇතුළු 12 දෙනෙකු විජේසුන්දර මහතා සමග එම ගමනට එක්ව තිබුණේ පසුගිය 06 වැනිදායි. මුංහේන මග්ගොන කලුතර පදිංචි දිනුර විජේසුන්දර (34) මෙසේ මියගොස් තිබුණි.
සිද්ධියට අදාළ පෙර වාර්තාව මෙතැනින්

Comments
Post a Comment
Your comment will be visible after approval