
ඇඩ්‍රස් නෑ චිත්‍රපටය වෙනුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කළ ආචාර්ය රෝහණ විරසිංහ තනු නිර්මාණය කළ ගීතයක් ප්‍රකට නව පරපුරේ සංගීත ශීල්පී දෙපළක වන භාතිය හා සන්තුෂ් විසින් අනවසර වාණිජ භාවිතාවක් සිදු කිරීම නිසා ගැටලුවක් පැනනැගී තිබිණි.
මේ සම්බන්ධයෙන් සුනිල් - රෝහණ දෙපළ භාතිය සන්ත්‍රෂ් දෙපළගෙන් රුපියල් මිලියනයක වන්දි ඉල්ලා තිබූ නමුත් ඔවුන් එය කරඅරින බවක් පෙන්නුම් කර ඇති බවද කියැවේ. මේ හතර දෙනාම
ගායක ගායිකා සංගමය ලෙස සැලකෙන ඔස්කා සංවිධානයේ විධායක තනතුරු දරන අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් එම සංගමය පවා නිහඩ පිලිවෙතක් දැරූ බව කියැවිණි.
මේ නිසා සුනිල් රෝහණ දෙපළ ඔවුන් දරණ ධුරවලින් ඉල්ලා අස්වී තිබේ. ඔස්කා සංවිධානය වෙත ලිපියක් මගින් මේ ඉල්ලා අස්වීම ඔවුන් දැනුම්දී ඇති අතර එය සමාජ මාධ්‍ය තුළටද විවෘත වී ඇත.
අදාළ ලිපිය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval