
බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරස ප්‍රභේදය (B.1.1.7) මෙරට ප්‍රදේශ කිහිපයකින් ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින්ගේ සාම්පල් වලින් හඳුනා ගැනීමට හැකිවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කර සිටියි.
කොළඹ, අවිස්සාවේල්ල, වව්නියාව සහ බියගම යන ප්‍රදේශ වලින් ගනු ලැබූ ජෛව සාම්පල් වල සිදුකළ DNA පරීක්ෂණය මගින් මෙම වෛරස ප්‍රභේදය සොයා ගෙන ඇත.
ජනවාරි මාසයේ මැද සිට පෙබරවාරි මාසය දක්වා ගනු ලැබූ ජෛව සාම්පල් 92ක් මෙම DNA පරීක්ෂණය සඳහා යොමු කළ බව ඔහු සඳහන්කළේය.
වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, කොළඹ, අවිස්සාවේල්ල, වව්නියාව, බියගම යන ප්‍රදේශවලින් ලබාගත් අහඹු නියැදිවලින් ඒ බව තහවුරු වූ බවකි.
Comments
Post a Comment
Your comment will be visible after approval